ඖෂධ හා ශල්‍ය උපකරණවල මිල ඉහළ යාමෙන් රෝගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින නිසා මිල නියාමනයක් ඇති කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
ඖෂධ කාණ්ඩ 60කට අයත් ඖෂධ වර්ග 750කට අදාළව මිල නියාමනයක් සිදුවුවත් ශල්‍ය උපකරණවල මිල නියාමනයක් සිදුනොවන බව එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.
ආසන්න වශයෙන් ඖෂධ කාණ්ඩ 300කට අධික ප්‍රමාණයකට අයත් විවිධ වෙළෙඳ නාම යටතේ අලෙවි වන ඖෂධ වර්ග 6500කට අධික ඖෂධ වර්ගවල මිල නියාමනයක් සිදුනොවන බවත් ඔහු පැවසීය.
මිල පාලනයක් නොමැති ඖෂධ වර්ගවල මිල ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබෙන නිසා පෞද්ගලික ඔසු සල්වලින් ඹෟෂධ මිලදී ගන්නා ජනතාව දුෂ්කරතාවන්ට පත්ව සිටින බවද හෙතෙම සඳහන් කළේය.
දැනට දිවයින පුරා පෞද්ගලික ඔසුහල්වල ද සැලකිය යුතු ඖෂධ ප්‍රමාණයක හිඟයක් පවතින බැවින් පිළිකා රෝගීන් අතුළු දිගුකාලීන රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන්ට ඖෂධ ගෙන්වීම සඳහා විදේශ රටවල පුද්ගලික සහාය ලබා ගැනීමට සිදුව ඇති බවද වෛද්‍යවරයා පවසා සිටියේය.